Local news

ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාර එල්ල කරනවා

ඉරානයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත දරුණු ප්‍රහාර එල්ල කරනවා

ඉදිරි සති 2-3 ඇතුළත ඉරානයේ සියලුම විදුලි බලශක්ති මධ්‍යස්ථාන වෙත ඉතා ප්‍රබල ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

මෙම දැවැන්ත ප්‍රහාරයන් හරහා ඉරානය නැවතත් “ශිලා යුගය” දක්වා ආපස්සට ඇද දමන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වොෂින්ටනයේ සිට ජාතිය අමතමින් සඳහන් කරයි.

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු සම්පූර්ණ වීමට ආසන්න බවත් ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අමෙරිකාව සැලසුම් කළ හමුදා අරමුණු බොහොමයක් මේ වන විටත් සාර්ථක වී ඇති බවත් එම කාර්යය නිම කිරීමට තව ඇත්තේ ඉතා සුළු කාලයක් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

ඉරානය සමඟ පවතින ගැටුම “අනාගත පරම්පරාව සඳහා කරන ආයෝජනයක්” බවත් මෙම ගැටුම නිවැරදි පරිදි තේරුම් ගැනීම ඉතා වැදගත් බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

අසරණ ජීවිත එක්ක සෙල්ලම් කරන වෛද්‍යවරු අදත් වර්ජනයක

අසරණ ජීවිත එක්ක සෙල්ලම් කරන වෛද්‍යවරු අදත් වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (02) දින උදෑසන 8.00 සිට යළිත් පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති අනීතික ස්ථානමාරු ක්‍රමවේදයට විරෝධය පළ කරමින් මෙලෙස නැවත වැඩවර්ජනයේ නිරත වන බව එම සංගමය සඳහන් කරයි.

ට්‍රම්ප්ගේ මුහුණටම බ්‍රිතාන්‍යයෙන් සැර ප්‍රකාශයක්

ට්‍රම්ප්ගේ මුහුණටම බ්‍රිතාන්‍යයෙන් සැර ප්‍රකාශයක්

ආරක්ෂාව, බලශක්තිය, ආර්ථිකය අතින් ගත්කල තමන්ට වඩා ශක්තිමත් සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ යුරෝපය සමග බව බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සඳහන් කරයි.

ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත් තමන් යුද්ධයට කිසිසේත් සම්බන්ධ නොවන බවද බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සඳහන් කරයි.

බ්‍රිතාන්‍ය නේටෝවට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවත් එය ලෝකයේ මෙතෙක් දැක ඇති එකම ඵලදායී මිලිටරි සන්ධානය බවද බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් සඳහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘Truth’ සමාජ ගිණුමේ සටහනක් තබමින් කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් මේ බව සඳහන් කරයි.

“මා සහ අනෙක් අය මත කුමන පීඩනයක් එල්ල වුවත්, කුමන හඬක් නැඟුවත් මා තීරණ ගන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට. මම කියන්නේ මේක අපේ යුද්ධයක් නෙවෙයි කියලා. අපි ඒකට යන්නේ නෑ.”

සුරාබදු දෙපාර්තමේන්තුව කප් ගහයි

සුරාබදු දෙපාර්තමේන්තුව කප් ගහයි

පසුගිය වසර තුන තුළදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම 60%කට අධික ප්‍රතිශතයක වර්ධනයක් වාර්තා කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම ආදායම් වර්ධනයට ප්‍රධාන හේතුව මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකර් ඇළවීමෙන් ප්‍රශස්ත ලෙස බදු ආදායම ලැබීම බවද සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙරට මත්පැන් නිෂ්පාදනාගාර වල නිපදවන සියලුම මත්පැන් බෝතල් වලින් නියමිත පරිදි බදු අයකිරීම මෙම ආරක්ෂිත ස්ටිකර ව්‍යාපෘතියේ අරමුණ වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙරට නිෂ්පාදනය කරන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරය ඇළවීමේ ව්‍යාපෘතිය 2022 වසරේ ජනවාරි ආරම්භ කළ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

යුද ගැටුම් අස්සේ රුසියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

යුද ගැටුම් අස්සේ රුසියානු පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

රුසියාව විසින් අමෙරිකාව සමඟ උදර්පන ගිවිසුම් පවතින රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස සිය පුරවැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

පසුගිය 2022 වසරේ රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භ වූ දිනයේ සිට අමෙරිකාවේ දඬුවම් පැමිණවීමේ හැකියාව දැඩි වී ඇති බව රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.

කෙසේ හෝ යම් හෙයකින් අමෙරිකානු බලධාරීන් අතට පත් වුවහොත් රුසියානු පුරවැසියන්ට දිගුකාලීන සිරදඬුවම් විඳීමට සිදුවීමේ අවදානමක් පවතින බවද සඳහන් කරයි.

අමෙරිකානු බුද්ධි අංශ විවිධ වාසිදායක ව්‍යාපාරික හෝ සංචාරක දීමනා ලබාදී රුසියානුවන් විදේශ රටවලට ගෙන්වා ගැනීමේ කූට උපක්‍රම භාවිතා කරන බවද සඳහන් කරයි.

රුසියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ,

“අමෙරිකානු සම්බාධක මගින් රුසියානු ආර්ථිකයේ උපායමාර්ගික අංශ ඉලක්ක කර ඇති බැවින්, බොහෝ රුසියානුවන් තමන් නොදැනුවත්වම අමෙරිකානු නීති ක්‍රියාත්මක කරන ආයතනවල සහ බුද්ධි අංශවල ඉලක්ක බවට පත්වීමේ අවදානමක් ඇත.”

ඇමතිගේ විශ්වාසභංගයට පෙර ආණ්ඩුවේ මන්ත්‍රීලාට ඉන්න කියයි

ඇමතිගේ විශ්වාසභංගයට පෙර ආණ්ඩුවේ මන්ත්‍රීලාට ඉන්න කියයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන (10) වැනිදා පාර්ලිමේන්තු විවාදයට ගැනීමට නියමිතය.

ඒ අනුව අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දින කොළඹ රැඳී සිටින ලෙසට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ බොහොමයක් එකඟත්වය පළකර ඇති බව වාර්තා වේ.

මෛත්‍රී ලෝකයේ සියලු නායකයින්ගෙන් ඉල්ලයි

මෛත්‍රී ලෝකයේ සියලු නායකයින්ගෙන් ඉල්ලයි

ඉරාන – අමෙරිකා – ඊශ්‍රායල යුද්ධය නතර නොවුණහොත් ශ්‍රී ලංකාව මීට වඩා බැරෑරුම් ප්‍රශ්න වලට යා හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

එනිසා මෙම බිහිසුණු යුද්ධය නතර කර ගැනීමට ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන් මැදිහත් විය යුතු බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

මෙම ප්‍රශ්නයෙන් අද ගොඩාක් දුක් විඳින්නේ යුද්ධය තියෙන රටවල්වලට වඩා යුද්ධය නැති රටවල් බවද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

කුවේට් ගුවන්තොටුපළට යළිත් ඩ්‍රෝන ප්‍රහාර

කුවේට් ගුවන්තොටුපළට යළිත් ඩ්‍රෝන ප්‍රහාර

ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකි වලට යළිත් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාර හේතුවෙන් ගුවන්තොටුපළේ ඉන්ධන ටැංකි වල විශාල ගින්නක් හටගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හදිසි කණ්ඩායම් එම ස්ථානයේ සිටි අතර සිදුවු හානිය සැලකිය යුතු මට්ටමක පවතින බවත් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව එරට සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලය සඳහන් කරයි.

ඉරානයේ ඩ්‍රෝන යානා සහ එයට සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඉන්ධන ටැංකි වලට හානි සිදුව ඇති බව සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්.. පරිස්සම් වෙන්න

අධික උණුසුම භායනකයි.. මොලේට බලපෑම්.. පරිස්සම් වෙන්න

මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය මානසික අවපීඩනයන් ආතතිය, හිතට කරදරය සහ නොසන්සුන් තත්ත්වයන් ඇතිකිරීමට හේතුවන බව මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළාය.

මනෝ වෛද්‍ය, විද්‍යා විජේබණ්ඩාර සඳහන් කළේ,

“අධික උණුසුම් තත්ත්වය මානසික අවපීඩනයන්, ආතති තත්ත්වයන්, හිතට කරදරය නොසන්සුන්කම වැඩි කරන තත්ත්වයන් වෙනවා. අධික උණුසුමත් එක්ක ආතතිය, ඇන්සයිටිතමතාවය, විෂාදය එකට බැදිලා තියෙන නිසා මෙම තත්ත්වයන් වැඩි වෙන්න පුළුවන්.  

අධික උණුසුමත් එක්ක ඇග විජලනයට පත්වෙනවා. ඒක නිසා ඇති වන රාසායනික තත්ත්වයන්ගේ වෙනස්වීම නිසා කෙනෙක්ගේ මානසක මට්ටම පහතට වැටෙන්න පුළුවන්. මොලේ තියෙන රාසායනික ද්‍රව්‍ය, හෝමෝන මේ සියලු දේවල බලපෑම නිසා මානසික තත්ත්වය අඩු වෙන්න පුළුවන්.

රස්නය වැඩි වුණාම නින්දට බලපෑම් වෙනවා. මේකත් මානසික මට්ටම අවපීඩනයට ලක් කරන්න හේතු වෙනවා. අධික උණුසුමත් එක්ක කෙනෙකු ආතති තත්ත්වයන්ට පත් වෙන්න පුළුවන්. 

අධි අවධානම් පිරිසක් ඉන්නවා. කාලයක් පුරා රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පිරිස්, කුඩා දරුවන්, ගර්භණි මව්වරු සහ වයෝවෘධ පිරිස. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය කෙළින්ම බලපෑමක් ඇති කරනවා.

මානසික තත්ත්වය කඩා වැටෙන්න අධික උණූසුම් තත්ත්වයත් සමග නුසුදු දියරයක් බැවින් මත්පැන් පානය කිරීම මානසික තත්ත්වය අවපීඩනය වීම ආතති තත්ත්වයන් ඇති වීම වෙන්න පුළුවන්. අධික උණුසුම කල්පනාව අඩුවීම මතකය අඩුවීම වැනි තත්ත්වයන්ට ඇතිවෙන්න පුළුවන්. 

සෞඛ්‍ය ප්‍රවර්ධන කර්යාංශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.

ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය නතර කරන්නේ නෑ

ඉරානයට සිදුවූ හානියට වන්දි ගෙවන තෙක් යුද්ධය නතර කරන්නේ නෑ

කිසිදු සටන් විරාම යෝජනාවක් ඉරානය විසින් ඉදිරිපත් කර නොමැති බව එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සඳහන් කරයි.

ඉරානය විසින් කරුණු පහකින් යුත් සටන් විරාම සැලැස්මක් ඉදිරිපත් කර ඇති බවට පැතිර යන පුවත් හුදෙක් මාධ්‍ය වල පලවන දෑ පමණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ආක්‍රමණිකයාට දඬුවම් පමුණුවන තෙක් සහ ඉරානයට සිදුවූ හානි සඳහා පූර්ණ වන්දි ගෙවන තෙක් මෙම යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.