Local news

ජනතා මුදල් කෝටි ගණන් සාක්කුවට දාගත්ත හිටපු අයගේ ලැයිස්තුවක්

ජනතා මුදල් කෝටි ගණන් සාක්කුවට දාගත්ත හිටපු අයගේ ලැයිස්තුවක්

පසුගිය කාලයේ මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරපු සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ප්‍රදේශීය දේශපාලඥයින් පසුගිය අරගලය සමයේදී ලබාගෙන තිබෙන වන්දි ප්‍රමාණය සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළිදරව්වක් කරයි.

ඒ අනුව නගර සභා, ප්‍රදේශීය සභා, මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් ලබාගත් වන්දි මුදල පහතින්.

කැස්බෑව හිටපු නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 696කි.

දඹුල්ල නගර සභාවේ හිටපු සභාපති ජාලිය හේමන්ත වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 627.9කි.

මිනුවන්ගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී විජේසේකර වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 267කි.

බලංගොඩ ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති සුනිල් ප්‍රේමසිරි වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 233යි.

බලංගොඩ නගර සභාවේ හිටපු සභාපති ගුණරත්න වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 104යි.

හම්බන්තොට ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපති W.H.M.R කුමාර වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 352යි.

සීතාවක ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති ජයන්ත රෝහණ වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 131යි.

ගාල්ල රත්ගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපති නිමල් වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 139.9යි.

කැස්බෑවේ ලාලනී කැලුම් රුබේරු වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 392යි.

කොටිකාවත්ත මුල්ලේරියාවේ ඉදුනිල් කුමාර වන්දි හැටියට ලබාගෙන ඇති මුලද රුපියල් ලක්ෂ 450යි.

වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම තොරතුරු හෙළිදරව් කළේය.

ඉන්ධන මිල තවත් ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

ඉන්ධන මිල තවත් ඉහළ⁣ට.. නව මිල ගණන් මෙන්න

අද (21) දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ගාස්තු ඉහළ දමා ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 443කි.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 455කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයේ මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කි.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 255කි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ⁣ට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන කෝටාව ඉහළ⁣ට

අද (21) දින මධ්‍යම රාත්‍රීයේ සිට “QR” කේතය යටතේ ලබාදෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව මෝටර් රථය සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 25 දක්වා ඉහළ යයි.

යතුරුපැදි සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 5 සිට 8 දක්වා ඉහළ යයි.

ත්‍රීරෝද රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 15 සිට 20 දක්වා ඉහළ යයි.

වෑන් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 40 සිට 50 දක්වා ඉහළ යයි.

බස් රථ සඳහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ලීටර් 60 සිට 100 දක්වා ඉහළ යයි.

ඉඩම් වාහනය සඳහා ලබාදෙන ලීටර් 25 සිට 40 දක්වා ඉහළ යයි.

ලොරි රථ සඳහා ලබාදෙන ලීටර් 200ක ප්‍රමාණය සහ විශේෂ කාර්ය වාහනය සඳහා ලබාදෙන ලීටර් 40ක ප්‍රමාණය සංශෝධනය නොකරයි.

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට යළිත් ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට යළිත් ප්‍රහාරයක්

ඉරාන ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නටාන්ස් වෙත නැවතත් ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුද්ධයේ පළමු සතියේදී මෙයට ප්‍රහාර එල්ල වූ අතර එම අවස්ථාවේ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වලට අනුව ගොඩනැගිලි කිහිපයකට හානි සිදුව ඇත.

මෙම ප්‍රහාරය, න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සහ අනෙකුත් න්‍යෂ්ටික ආරක්ෂණ රෙගුලාසි ඇතුළු ජාත්‍යන්තර නීති සහ කැපවීම් උල්ලංඝනය කිරීමක් බව ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය සඳහන් කර තිබුණේ, එම ප්‍රහාරයෙන් “කිසිදු විකිරණශීලී ප්‍රතිවිපාකයක්” අපේක්ෂා නොකරන බවයි.

වනජීවි මුරපොළක් ආසන්නයේ වෙඩි තැබීමක්

වනජීවි මුරපොළක් ආසන්නයේ වෙඩි තැබීමක්

යාල වනෝද්‍යානයට අයත් කිරින්ද, බැබුව වනජීවි මුරපොළ ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩි තැබීමක් සිදුකර පළාගොස් ඇත.

එම වෙඩි තැබීමත් සමග බැබුව වනජීවි මුරපොළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබූ අතර එම අවස්තාවේදී මෝටර් රථය පළාගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

එම මෝටර් රථය සහ සැකකරුවන් සොයා කිරින්ද පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත.

එම පුද්ගලයින් සතුන් දඩයම් කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

පසුගිය කාලයේ සිදුවූ සෑම ජාත්‍යන්තර ගනුදෙනුවකම සොරකම් තිබුණා

පසුගිය කාලයේ සිදුවූ සෑම ජාත්‍යන්තර ගනුදෙනුවකම සොරකම් තිබුණා

පසුගිය කාලයේ සිදුවූ ජාත්‍යන්තර ගනුදෙනු සියල්ලේම ගසාකෑම් සහ සොරකම් තිබූ බව හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කරයි.

එවැනි දූෂණ, වංචා සිදුවී ඇත්නම් හෝ එවැනි ගනුදෙනුවල සාක්ෂි සටහන් තිබේ නම් එම වැරදිකරුවන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තමා සතුටු වන බවද හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කරයි.

එයාර් බස් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අල්ලස් ලබා ගැනීම සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් වන විමර්ශනයකට අදාළව හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන අත්අඩංගුවට ගැනීම සම්බන්ධව එස්.බී දිසානායක මේ බව සඳහන් කරයි.

හිටපු අමාත්‍ය එස්.බී දිසානායක සඳහන් කළේ,

“ඒ කාලේ ජාත්‍යන්තර වශයෙන් සිද්ධ වෙච්ච ගනුදෙනු හැම එකකම ගසා කෑම් තිබ්බා. හොරකම් තිබ්බා. ඒ නිසා එයාර්බස් වගේ දේවල්වල හොරකම් සිද්ධ වෙලා තියෙනවා, නම් ඒවට හරියට සාක්ෂි සටහන් තියෙනවා නම් වැරදිකාරයෝ අරගෙන දඬුවම් කරන එක පෞද්ගලිකව මම නම් සතුටුයි.”

රටේ ජනතාව වෙනුවෙන් එජාප – සජබ එකතු වෙනවා

රටේ ජනතාව වෙනුවෙන් එජාප – සජබ එකතු වෙනවා

පොදුජන කඳවුර ශක්තිමත් කිරීමට කාලය එළඹී ඇති බවත් පොදුජන න්‍යාය මත පදනම් වුණු දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය මුල පුරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

අවසානයේ ජයග්‍රහණය කළ යුත්තේ පොදු ජනතාව බැවින් ජනතාවාදී රටක් හා රජයක් ගොඩනැගීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය එකට එකතු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

කෘතහස්ත දේශපාලඥයෙකු වූ දිවංගත ගාමිණි දිසානායකගේ 84 වන ජන්ම දින සැමරුමට (21) එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ,

“පොදුජන කඳවුර ශක්තිමත් කිරීමට කාලය එළඹිලා තිබෙනවා. පොදුජන න්‍යාය මත පදනම් වුණු දැවැන්ත එකතුවකට සමගි ජන බලවේගයත් එක්ක එක්සත් ජාතික පක්ෂයත් මුල පුරනවා. අවසානයේ ජයග්‍රහණය කළ යුත්තේ පොදු ජනතාවමයි” 

දිවයින පුරා පරීක්ෂා කිරීම අරඹයි

දිවයින පුරා පරීක්ෂා කිරීම අරඹයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරාම වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා (23) සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 2,000කට අධික පිරිසක් එක්වෙනු ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කරයි.

අමෙරිකාවේ ප්‍රධානම නාවික කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

අමෙරිකාවේ ප්‍රධානම නාවික කඳවුරට ඉරානයෙන් ප්‍රහාර

ඉන්දීය සාගරයේ ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙස සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියේගෝ ගාසියා කඳවුරට ඉරානය බැලස්ටික් මිසයිල 2ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම නාවික කඳවුර මධ්‍යම ඉන්දියානු සාගරයේ උපායමාර්ගිකව පිහිටා ඇති පරමාණුවක් වන අතර එය එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ප්‍රධාන හමුදා පහසුකමක් සපයයි.

බ්‍රිතාන්‍ය ඉන්දියානු සාගර භූමියේ කොටසක් වන මෙම කඳවුර ප්‍රධාන වශයෙන් එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර අප්‍රිකාව, මැද පෙරදිග සහ ආසියාව පුරා විහිදෙන විශාල කලාපයක් හරහා ගුවන් සහ නාවික මෙහෙයුම් සඳහා තීරණාත්මක මධ්‍යස්ථානයකි.

එම මිසයිල ප්‍රහාරයෙන් එකක් ගුවනේදී විනාශ වී ඇති බවත් අනෙක් මිසයිලයට අමෙරිකානු යුද නැවක් ප්‍රහාරයක් එල්ල කර ව්‍යර්ථ කළ බව වාර්තා කළද එම ඉලක්කය සාර්ථකව විනාශ කළේද යන්න තවමත් නිවේදනය කර නොමැත.

කෙසේ වෙතත් ධවල මන්දිරය සහ අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදුකළ විමසීම් වලට පිළිතුරු ලබාදිමෙන් වැළකී ඇත.

මේ අතර ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් ඉරාන “අයිරිස් ඩේනා” යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ල කළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බව වාර්තා වේ.

ඉරාන බොරතෙල් සම්බාධක දින 30කට ඉවත් කරයි

ඉරාන බොරතෙල් සම්බාධක දින 30කට ඉවත් කරයි

ඉරාන බොරතෙල් තෙල් සඳහා පනවා ඇති සම්බාධක දින 30ක් සඳහා තාවකාලිකව ඉවත් කරන බවට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය ගෙන යන යුද්ධය හේතුවෙන් ලොව පුරා තෙල් මිල ඉහළ යාම සහ සැපයුම් අඩාල වීම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම අවසරය තාවකාලිකව ලබාදෙන අවසරයක් වන අතර එය අදාළ වන්නේ දැනටමත් ප්‍රවාහනයේ පවතින අනුමත තෙල් සඳහා පමණක් බවත් නව ඇණවුම් සඳහා එය අදාල නොවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.