Local news

QR කේතය හොරෙන් භාගත කළ පුද්ගලයින්ට වැඩ වරදී

QR කේතය හොරෙන් භාගත කළ පුද්ගලයින්ට වැඩ වරදී

රජය විසින් ඉන්ධන පරිභෝජනය සඳහා හඳුන්වාදුන් “QR” කේත ක්‍රමයට මේ දක්වා ලක්ෂ 60කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණය අලුතින් ලියාපදිංචිවී ඇති බවත් “QR” කේත ක්‍රමය සඳහා ලියාපදිංචි වීමට නොහැකි බවට ලැබුණු පැමිණිලි සියල්ලෙහි දෝෂ සියල්ල මේ දක්වා නිරාකරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන “QR” කේතය අනීතිකව බාගත කිරීම් කළ දුරකථන අංක 153ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලීසියට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

මේ අතර පවතින තත්ත්වයට අනුව ඉන්ධන පරිභෝජනය හැකි තරම් සීමා කරන ලෙසද අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

ඉදිරියේදී මෙරටට පැමිණෙන ඉන්ධන නෞකා ගැන දැනුම්දීමක්

ඉදිරියේදී මෙරටට පැමිණෙන ඉන්ධන නෞකා ගැන දැනුම්දීමක්

ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) දින පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස ඉන්ධන නෞකා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළේය.

මාර්තු (25) – ඩීසල් මෙ.ටො. 37,000ක නැවක් පැමිණීමට නියමිතය.

අප්‍රේල් (06), (07) ,(08) – ඩීසල් මෙක්ට්‍රින් ටොන් 37,000ක නැව් දෙකක් පැමිණීමට නියමිතය.

අප්‍රේල් (12) සහ (13) – දැවි තෙල් මෙක්ට්‍රින් ටොන් 30,000ක නැවක් පැමිණීමට නියමිතය.

අප්‍රේල් (10) සහ (11) – ජෙට් A1 මෙක්ට්‍රින් ටොන් 35,000 නැවක් පැමිණීමට නියමිතය.

අප්‍රේල් (16) සහ (17) – පෙට්‍රල් මෙක්ට්‍රින් ටොන් 30,000ක් නැවක් පැමිණීමට නියමිතය.

අප්‍රේල් මාසයට නියමිත මෙක්ට්‍රින් ටොන් 30,000 බොරතෙල් නැව පැමිණෙන්නේ නැත.

ඒ වෙනුවට ජූනි මාසයේදී මෙක්ට්‍රින් ටොන් 30,000ක බොරතෙල් නෞකාවක් පැමිණීමට නියමිතය.

ඉන්ධන මිල වැඩිකිරීම තුළ ඩීසල් ලීටරයකට රුපියල් 100ක් සහ පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 20ක් රජය විසින් දරාගෙන ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

ඒ වෙනුවෙන් මාසයකට රුපියල් බිලියන 20ක් රජය දරන බවත් රජයට මෙම බර සම්පූර්ණයෙන්ම දැරීමට සිදුවන්නේ නම් වසරකට රජයට ඩොලර් බිලියන 1.5ක අමතර වැය බරක් දැරීමට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

තැපැල් බෙදා හැරීම සීමා කරයි

තැපැල් බෙදා හැරීම සීමා කරයි

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් තැපැල් පාර්සල් බෙදා හැරීම ගැන තැපැල් දෙපාර්තමේන්තුව තීරණයක් ගනී.

ඒ අනුව දිවයින පුරා තැපැල් පාර්සල් බෙදා හැරීම, දවසක් හැර දවසක් සිදු කිරීමට තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස එම තීරණය ගත් බව දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කරයි.

සිනොපෙක් ඉන්ධන මිලේ වෙනසක්.. රුපියල් 600 ආසන්නයේ

සිනොපෙක් ඉන්ධන මිලේ වෙනසක්.. රුපියල් 600 ආසන්නයේ

අද (22) දිනයේ සිට සිනොපෙක් සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 122කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 487කි.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 219කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 572කි. 

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398කි.

ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382කි.

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සහ එරාඩ් වෙත ඉරානයෙන් ප්‍රහාර

ඊශ්‍රායලයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයට සහ එරාඩ් වෙත ඉරානයෙන් ප්‍රහාර

ඉරානය විසින් සිය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාර වලට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් පිහිටි ඩිමෝනා නගරයට ප්‍රහාරයක් එල්ල කර ඇත.

දකුණුදිග ඊශ්‍රායලයේ ඩිමෝනා නගරය වෙත එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය න්‍යෂ්ටික මධ්‍යස්ථානයට ආසන්නයෙන් මෙම මිසයිල ප්‍රහාරය පතිතවී ඇති අතර දකුණුදිග ඊශ්‍රායලයේ එරාඩ් නගරයටද ඉරානය මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත.

ට්‍රම්ප් ඉරානයට ගැහුවොත් කලාපීය බලශක්ති මධ්‍යස්ථාන සමතලා කරනවා – ඉරානය

ට්‍රම්ප් ඉරානයට ගැහුවොත් කලාපීය බලශක්ති මධ්‍යස්ථාන සමතලා කරනවා – ඉරානය

ඉරානයේ සිය විදුලි පද්ධතියට පහර දුන්නොත් කලාපීය බලශක්ති සහ ජල මධ්‍යස්ථාන වලට පහර දෙන බවට ඉරානය අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

අමෙරිකාවට සහ ඊශ්‍රායලයට සම්බන්ධ මුහුදු ජලය පිරිපහදු කරන මධ්‍යස්ථාන සහ තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් වලට ඉරානය පහර දෙන බව ඉරානයේ ඛාතම් අල්-අන්බියා මධ්‍යම අණදෙන මූලස්ථානයේ ප්‍රකාශක එබ්‍රහිම් සොල්ෆගාරි සඳහන් කරයි.

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 48 තුළ හොමූස් සමුද්‍ර සන්දිය විවෘත නොකළහොත් ඉරාන විදුලි බල පද්ධතියට ප්‍රහාර එල්ල කරන බවට සිදුකළ අනතුරු ඇඟවිමට ප්‍රතිචාර වශයෙන් ඉරානය මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.

ඉදිරි පැය 48 තුළ ඉරානයේ සියලු බලාගාර සමතලා කරනවා – ට්‍රම්ප්

ඉදිරි පැය 48 තුළ ඉරානයේ සියලු බලාගාර සමතලා කරනවා – ට්‍රම්ප්

ඉදිරි පැය 48 තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ සියලු බලාගාර වලට ප්‍රහාර එල්ල කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

ගෝලීය බොරතෙල් සැපයුමෙන් 20%ක් පමණ ප්‍රවාහනය කෙරෙන ප්‍රධානතම මුහුදු මාර්ගය ඉරානය අවහිර කිරීමත් සමග ගෝලීය බලශක්ති අර්බුදයක් නිර්මාණය වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.

සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව සඳහන් කරයි.

හදිසියේම ඉන්ධන මිල ගණන් ඉහළ දැමු රටවල්

හදිසියේම ඉන්ධන මිල ගණන් ඉහළ දැමු රටවල්

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් රටවල් රැසක ඉන්ධන මිල ගණන් තවත් ඉහළ දමා ඇත.

කාම්බෝජයේ (Cambodia) ඉන්ධන මිල 67.81%කින් ඉහළ දමා ඇත.

වියට්නාමය (Vietnam) ඉන්ධන මිල 49.73%කින් ඉහළ දමා ඇත.

නයිජීරියාව (Nigeria) ඉන්ධන මිල 35.02%කින් ඉහළ දමා ඇත.

ලාඕසය (Laos) ඉන්ධන මිල 32.94%කින් ඉහළ දමා ඇත.

කැනඩාව (Canada) ඉන්ධන මිල 28.36%කින් ඉහළ දමා ඇත.

පකිස්තානය (Pakistan) ඉන්ධන මිල 24.49%කින් ඉහළ දමා ඇත.

මාලදිවයින (Maldives) ඉන්ධන මිල 18.54%කින් ඉහළ දමා ඇත.

ඔස්ට්‍රේලියාව (Australia) ඉන්ධන මිල 18.23%කින් ඉහළ දමා ඇත.

අමෙරිකාව (United States) ඉන්ධන මිල 16.55%කින් ඉහළ දමා ඇත.

සිංගප්පූරුව (Singapore) ඉන්ධන මිල 15.69%කින් ඉහළ දමා ඇත.

පුවර්ටෝ රිකෝ (puerto rico) ඉන්ධන මිල 13.54%කින් ඉහළ දමා ඇත.

ජර්මනිය (Germany) ඉන්ධන මිල 13.3%කින් ඉහළ දමා ඇත.

ගෝතමාලාව (Guatemala) ඉන්ධන මිල 12.9%කින් ඉහළ දමා ඇත.

සීෂෙල්ස් (seychelles) ඉන්ධන මිල 12.89%කින් ඉහළ දමා ඇත.

සියරා ලියොන් (Sierra leone) ඉන්ධන මිල 12.29%කින් ඉහළ දමා ඇත.

ආසන පටි නීතියට මොකද වුණේ.?

ආසන පටි නීතියට මොකද වුණේ.?

නිෂ්පාදකයා විසින් පසුපස මැද අසුන හෝ අනෙකුත් පසුපස අසුන් සඳහා ආරක්ෂිත පටි සවිකර නොමැති වාහන සම්බන්ධයෙන් අධිවේගී මාර්ගයේ ක්‍රියාත්මක වූ ඇතැම් නීති රෙගුලාසි තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව (20) දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධිවේගයේ ආසන පටි නීතිය කල් දමා ඇති අතර ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇත.

මෙම සහනය 2026 මාර්තු මස (20) වන දින සිට 2026 ජුනි මස (19) වන දින දක්වා බලපැවැත්වෙයි.

පැය 24ක් තුළ ඉරානයට ගුවන් ප්‍රහාර 640ක්

පැය 24ක් තුළ ඉරානයට ගුවන් ප්‍රහාර 640ක්

ඉරානයේ පළාත් 17කට ගුවන් ප්‍රහාර 640ක් එල්ල වී ඇති බව අමෙරිකාව කේන්ද්‍රකරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත ප්‍රවෘත්ති ඒජන්සියක් සඳහන් කරයි.

ඒ අනුව (20) දිනයේදී ඉරානයේ පළාත් 17කට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 68 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැදපෙරදිග යුද තත්ත්වය ආරම්භ වී සති තුනක කාලයක් ගතවී ඇති පසුබිමක අවම වශයෙන් පුද්ගලයින් 1,398 දෙනෙකු මියගොස් ඇති බවත් ඉරාන හමුද නිලධාරින් 1,165 දෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වේ.