මාසිකව ක්රියාත්මක වන ඉන්ධන මිල සූත්රයට අනුව ඉන්ධන මිල ගණන් (28) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර ඇත.

අවසර පත්ර හා දීමනා පත්ර මත ප්රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්රමුඛ මහජනතාවට එම ඉඩම්වල පරම අයිතිය ප්රදානය කෙරෙන ‘හිමිකම’ නිදහස් ප්රදානපත්ර පිළිගැන්වීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්රධානත්වයෙන් හෙට (27) ප.ව 2.00ට අනුරාධපුර කොරකහවැව උතුරු මැද පළාත් සභා ශ්රවණාගාරයේදී පැවැත්වේ.
1935 අංක 19 දරණ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ අවසර පත්ර හා දීමනාපත්ර මත ප්රදානය කර ඇති ඉඩම් සංවර්ධනය කරමින් භුක්ති විඳින ගොවි ජනතාව ප්රමුඛ මහජනතාවට තම ඉඩමෙහි පරම අයිතිය නොමැති වීමෙන් අදාළ භූමිය මානව අවශ්යතා හා සංවර්ධන අවශ්යතාවන්ට යොදවා ගැනීමේදීත්, එම භූමිය ආර්ථික ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමේදීත් විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුව ඇත.
මේ වන විටිත් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ නිකුත් කර ඇති අවසර පත්ර හා දීමනාපත්ර වල කොන්දේසි ඉවත් කර එම දීමනාපත්ර සඳහා 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 2 වගන්තියට අනුකූලව නිදහස් ප්රදාන පත්රයක් ලබා දීමට කටයුතු කරනු ලැබේ. මෙම වැඩසටහන යටතේ ස්වකීය කැමැත්තෙන් රජයට භාරදෙන අවසර පත්ර හා දීමනාපත්ර සඳහා ‘හිමිකම’ නිදහස් ප්රදානපත්රය ලබා දීම සිදු කෙරේ.
හෙට (27) දිනයේදි අනුරාධපුර දිස්ත්රික්කය තුළ ‘හිමිකම’ නිදහස් ප්රදානපත්ර 500ක් ප්රතිලාභීන් වෙත බෙදා දීමට නියමිත අතර ඉදිරියේදී මෙම වැඩසටහන දිවයින පුරා සියලු දිස්ත්රික්ක ආවරණය වන පරිදි ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය අත්අඩංගුවට ගත් දෙවන වෙඩික්කරු ගැන කරුණු රැසක් අනාවරණය කරගෙන තිබේ.
නාවික හමුදාවෙන් නීත්යනුකූලව ඉවත් වූ අයෙකු වන ඔහු කරන්දෙණිය සුද්දාගේ විශ්වාසවන්තම හා දක්ෂතම වෙඩික්කරු බව සඳහන්.
සැකකරු බන්ධනාගාර නිලධාරියෙකු ඇතුළු ඝාතන හයකට අදාළ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇතැයිද මේ වනවිට කරුණු අනාවරණ වී ඇත.
මේ වනවිට අදාළ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරුවන් දෙදෙනා ඊට ආධාර අනුබල දුන් කණ්ඩායමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ ඝාතන සිද්ධියේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් භාවිතයෙන් වෙඩිතබා ඇත්තේ මෙම දෙවන වෙඩික්කරු වන අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතා ඔහුගේ ඡායාරූප කිහිපයක් මාධ්යවෙත නිකුත් කර තිබුණි.
එවන් පසුබිමක අදාළ පුද්ගලයා මොනරාගල, නක්කල, ටැංවත්ත ප්රදේශයේ නිවසක සැඟව සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්රදේශවාසියෙකුගෙන් තොරතුරක් ලැබී ඇත.
ඒ අනුව මොනරාගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් ඊයේ (24) රාත්රියේ අදාළ නිවස වටලා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව ඔවුන්ගේ ඡායාරූප මගින් සැකකරුවන් පිළිබඳ තහවුරු කරගත් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය, ඔවුන්ව දැඩි රැකවල් මැද කොළඹට රැගෙන ආවේය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනාගෙන් අයෙක් කනංකේ ප්රදේශයේ පදිංචි 39 හැවිරිදි මනෝජ් උදයංග නම් හිටපු නාවික හමුදා සෙබළයාය.
ඔහු රූබස් රමේෂ් යන නමින්ද පෙනී සිට ඇති අතර, එම නමින් විදෙස් ගමන් බලපත්රයක්ද තිබී ඇතැයි පොලිසිය පවසයි.
වසර 11ක පමණ කාලයක් නාවික හමුදා සේවයේ සිට ඉන් නීත්යානුකූලව ඉවත්වූවෙක්ද වේ.
එලෙස සේවයෙන් ඉවත්වීමෙන් අනතුරුව කිසිදු රැකියාවක් සිදුනොකළ සැකකරු, දැඩි ලෙස මත්ද්රව්ය භාවිතයට ඇබ්බැහිවූවෙක් වන අතර, අත්අඩංගුවට පත්වන විටත් ඔහු සතුව හෙරොයින් හා කුෂ් මත්ද්රව්ය තිබී සොයාගෙන ඇත.
සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින කාලයේදී ඔහු සහ කරන්දෙණිය සුද්දා අතර සම්බන්ධතා ගොඩනැඟී ඇති බව පොලිසිය සඳහන් කළේය.
මේ අතර වෙඩික්කරු සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයෙක් දිනුජන සඳරුවන් වන අතර, ඔහු අම්බලන්ගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්ය.
ඔහු නීතීඥවරයා ඝාතනය සඳහා වෙඩික්කරුන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා බවට පොලිසිය සැකකරයි.
ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුම කරන්දෙණිය සුද්දාගේ සමීපතමයන් බවද වාර්තා වේ.
අත්අඩංගුවටගත් අනෙක් සැකකරු අංගොඩ ප්රදේශයේ පදිංචි කැළුම් සුජීව නැමැත්තෙකු වන අතර, ඔහු සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබාදුන් අයෙක්ය.
එම සැකකරු මාර්ග සංවර්ධන කටයුතුවල නිරත අයෙකු වන අතර, ඔහු මොනරාගල ප්රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවසක සෙසු සැකකරුවන් සමග සිට ඇතැයි හෙළිවී ඇත.
ඔහු මීට සති දෙකකට පමණ ඉහතදී සෙල්ලකතරගම ප්රදේශයේ මාර්ග සංවර්ධන කටයුත්තක නිරතව සිටියදී අපරාධකරුවකු වන පෙතියාගොඩ සංඛ නැමැත්තා දුරකතනයෙන් ඔහු අමතා, “කොල්ලෙක් ඉන්නවා, වැඩට ගන්න”යනුවෙන් පවසා ඝාතනය සඳහා පැමිණි රියදුරු එහි එවා ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව එහි වැඩ නිමවීමෙන් පසුව ඔවුන් දෙදෙනා මොනරාගල ප්රදේශයේ නිවසට පැමිණ ඇති අතර, මීට දින 5කට පමණ ඉහතදී පෙතියාගොඩ සංඛ නැමැත්තා නැවත දුරකථන ඇමතුමක් ලබාදී වෙඩික්කරුද අදාළ නිවසට එවා ඇති බව වාර්තා වේ.
ලිට්රෝ සමාගම පවසන්නේ වෙළඳපොලට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිකුත් කිරීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.
[අසුගිය දින කිහිපය පුරා පැවති ගෑස් හිඟය හමුවේ ලිට්රෝ ගෑස් මෙට්රික් ටොන් 3,900ක් රැගත් නෞකාවක් පෙරේදා දිවයිනට පැමිණියා.
එමෙන්ම හෙට සහ 28 වැනිදා තවත් ගෑස් නෞකා දෙකක් මෙරටට පැමිණීමට නියමිත අතර එහි ගෑස් මෙට්රික් ටොන් 7,600ක් අඩංගුයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්රංශ ජනාධිපති Emmanuel Macron අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ සිදුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බ්රසීලයේ ජනාධිපති Lula da Silva අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ සිදුවිය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ භූතානයේ අගමැති Tshering Tobgay අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අද (19) දින පස්වරුවේ පැවැත්විණි
නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර මෙම රාජ්ය නායක හමුව සිදුවිය.
කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්යෝන්ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්රී ලංකාව සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
AI පහසුකම් අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්රම සහ ආරක්ෂක මෙවලම්, ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් කරගත් කලාපීය සහයෝගීතාවක් ශ්රී ලංකාව යෝජනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.
කෘත්රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් AI Impact 2026 සමුළුව නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර එහි රාජ්ය නායක සැසියේ සමාරම්භක අවස්ථාව ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ ප්රධානත්වයෙන් අද (19) පෙරවරුවේ පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්රංශ ජනාධිපති Emmanuel Macron, අබුඩාබියේ ඔටුන්න හිමි කුමරු Sheikh Khaled bin Mohamed bin Zayed Al Nahyan, බ්රසීල ජනාධිපති Lula de Silva සහ භූතානයේ අගමැති Tshering Tobgay ඇතුළු රාජ්ය නායකයෝ සහ රාජ්ය තාන්ත්රිකයෝ රැසක් ඊට එක් වූහ.
AI Impact 2026 සමුළුවේ නායක සැසියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සිදුකළ සම්පූර්ණ ප්රකාශය,
“කෘත්රිම බුද්ධිය විසින් ආර්ථිකයන්, රාජ්ය පාලන පද්ධති සහ සමාජයන් වෙනස් කරමින් පවතින මේ සුවිශේෂී මොහොතේ නවදිල්ලියේදී ඔබත් සමඟ එක් වීමට ලැබීම මට මහත් ගෞරවයක්. AI තාක්ෂණය පසුගිය සියවස්වල කාර්මීකරණය විසින් ඇති කළ ආකාරයටම ජාතික වර්ධන ගමන් මඟ කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කරන පරිවර්තනීය බලවේගයක්.
නමුත් AI තාක්ෂණයෙන් සවිමත් රටවල් සහ එවැනි හැකියාවක් නොමැති රටවල් අතර වැඩි වෙමින් පවතින පරතරය බොහෝ රටවල ඩිජිටල් ආර්ථිකයේ වියුක්ත කිරීමේ බරපතළ අවදානම නිර්මාණය කරනවා. මේ ආකාරයට පසුබසින රටවල් ගෝලීය වර්ධනය සහ නව්ය ආර්ථික අවස්ථාවලින් තවදුරටත් විවිධ අතුරු බලපෑම්වලට ලක් විය හැකියි. එමඟින් අපි අපේක්ෂා කරන සියලුදෙනා ඇතුළත් සාධාරණ සහ තිරසාර සංවර්ධන අරමුණුද අවදානමට ලක් වෙනවා.
බොහෝ නැඟී එන ආර්ථිකයන් මෙන්ම ශ්රී ලංකාවත් AI තාක්ෂණය සම්පූර්ණ ලෙස භාවිතා කිරීමට අවශ්ය යටිතල පහසුකම් තවමත් සම්පූර්ණ කරගෙන නැහැ. ඒ නිසා නිසි අභිප්රායක් සහ දැක්මක් සමඟින් අප විශ්වාසයෙන් හා නොපැකිළිව ක්රියා කළ යුතු තීරණාත්මක් මොහොතක් එළැඹ තිබෙනවා.
තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ තරුණ මානව සම්පතක් ශ්රී ලංකාව සතුව තිබෙනවා. එමෙන්ම අපිට ශක්තිමත් නීති පද්ධතියක් සහ ජාත්යන්තර හවුල්කාරිත්වයන් සමඟ බැඳුණු ආර්ථික සංස්කෘතියක්ද තිබෙනවා. අපි පෞද්ගලික දත්ත ආරක්ෂණය සහ සයිබර් ආරක්ෂණය පිළිබඳ නීතිමය රාමු නවීකරණය කරමින් ඩිජිටල් පොදු යටිතල පහසුකම් සඳහා අඛණ්ඩව ආයෝජනය කරමින් නවෝත්පාදන දිරිමත් කරන මහජන විශ්වාසය රැකගත හැකි ආයතන ශක්තිමත් කරමින් සිටිනවා.
ලෝකයාද AI තාක්ෂණයේ අභිප්රායන්, අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ විවාද කරමින් සිටිනවා. එහෙත් මෙහිදී මෙතෙක් මඟහැරී ගිය තීරණාත්මක පැතිකඩක් පෙන්වා දීමට කැමතියි. එනම් සංස්කෘතික ගැලපීමයි. මානව සංහතියේ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් තවදුරටත් ප්රවර්ධනයට මේ තාක්ෂණයන් ඉවහල් කරගත යුතුයි.
ලෝක මට්ටමේ AI තාක්ෂණය භාෂා හා මතවාදයන් කිහිපයකට පමණක් සීමා වුවහොත් අපේ අනන්ය වු සංස්කෘතික විවිධත්වය ගිලිහී යාමේ අවදානමක් පවතිනවා.
ශ්රී ලංකාව, ඉන්දියාව වැනි රටවලට තම භාෂාව සහ සංස්කෘතිය යනු ගෞරවය මෙන්ම විශ්වාසයේ පදනමයි. මෙවැනි සංස්කෘතික ගැලපීමක් සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් අන්තර්ග්රහණය සහ සංරක්ෂණය සිදු වීම අවශ්යයි. මෙහිදී අපගේ දේශීය භාෂා සහ සංස්කෘතික දැනුම ඩිජිටල්කරණය කර ඒවා කෘත්රි බුද්ධිය පද්ධති තුළට බද්ධ කළ යුතුයි.
එමෙන්ම ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ උපරිම අවධානය යොමු වීම වැදගත්. අපේ සංස්කෘතික වටිනාකම්වලට AI මගින් සිදුවන අහිතකර බලපෑම්වලින් ආරක්ෂාවීමේ පද්ධති ස්ථාපිත කළ යුතු වෙනවා.
අපගේ දැක්ම හුදකලා සාර්ථකත්වයක් අත්පත් කර ගැනීම නොවෙයි. ඒකාබද්ධ වීමයි. AI යටිතල පහසුකම් අපි දකින්නේ ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාවයේ ඊළග මායිම ලෙසයි. ඒ නිසා ශ්රී ලංකාව කලාපීය සහයෝගීතාවක් යෝජනා කරනවා. එහිදී එය අඩු වියදමකින් ලබාගත හැකි වීම, මධ්යගත පාලනයකින් යුත් භාෂා දත්ත කට්ටල, පොදු ඇගයීම් ක්රම සහ ආරක්ෂක මෙවලම් මෙන්ම ඒකාබද්ධ ධාරිතා සංවර්ධනය යන මූලික කරුණු 04 මත පදනම් වීම ඉතා වැදගත්.
මේ ප්රයත්නය මගින් AI හි ප්රතිලාභ වෙත අප සැමට පුළුල් හා සාධාරණ ලෙස ප්රවේශ විය හැකි බව මාගේ විශ්වාසයයි. මේ තත්ත්වය තුළ ශ්රී ලංකාව ජාතික මෙන්ම කලාපීය මට්ටමේ අවශ්යතාද සපුරලිය හැකි AI හැකියාවන්ගෙන් යුත් දත්ත යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳ ගවේෂණය කරමින් සිටිනවා.
ඩිජිටල් පොදු යටිතල පහසුකම් සහ තාක්ෂණික කුසලතා පිළිබඳව ගෝලීය නායකත්වයන් අත්පත් කර ගනිමින් සිටින ඉන්දියාව සහ අනෙකුත් රාජ්යයන් සමඟ සමීපව කටයුතු කරමින් තිරසාර, ආරක්ෂිත සහ අනාගතයට සූදානම් කලාපීය AI දත්ත මධ්යස්ථාන ධාරිතාවන් ස්ථාපිත කිරීමට ශ්රී ලංකාවට විශාල විභවයක් තිබෙනවා.
කිසිදු රටකට AI සඳහා සූදානම් අනාගතයක් තනිව ගොඩනඟාගත නොහැකි බව අපගේ වැටහීමයි. ලෝකය සහ මෙම කලාපයේ රාජ්යයන්ගේ අදහස් රැසක් සැලකිල්ලට ගනිමින් අප විසින් නවදිල්ලියේදී එකඟවන ඒකාබද්ධ ප්රකාශයේ මෙම සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතු කර තිබීම සතුටට කරුණක්.
ඒ නිසා කිසිවෙකු අත්නොහැරෙන සේ සහ ආචාර ධර්ම මූලික කරගත් කෘත්රිම බුද්ධිය පිළිබඳ පොදු වටිනාකම් බෙදා ගනිමින් අන්යෝන්ය වශයෙන් ඉගෙන ගැනීමට සහ සාමුහිකව ඉදිරියට යාමට ශ්රී ලංකාව සුදානම් බව ප්රකාශ කිරීමට කැමතියි.”
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ඔහුගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහගෙන් ප්රකාශයක් සටහන් කරගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව හිටපු ජනපති රනිල් වික්රමසිංහගේ බිරිඳ වන මෛත්රී වික්රමසිංහට ලබන (20) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර ඇත.