Advertisements

එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය ඉහළට

LIVE

ඊයේ (25) දින පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 8.75%ක් දක්වා පදනම් අංක 100කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

දේශීය හා ගෝලීය වශයෙන් පවතින තත්ත්වයන් සහ ඉදිරියේ ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ හොඳින් සලකා බැලීමෙන් පසුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹුණු බව මහ බැංකුව සඳහන් කරයි.

2026 වසරේ මාර්තු මාසය තුළදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය 7.75% ලෙස පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළේය.

0 Comments
Most Voted
Newest Oldest