Advertisements

මන්ත්‍රී චමින්ද ඇතුළු පිරිසට අද දඬුවම් නියම කරයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරු බන්දුල රත්නායක චෝදනා හතරකට වැරදිකරුවන් බව බදුල්ල මහාධිකරණය පසුගියදා තීරණය කළේය.

තවද ඇමති ආරක්ශක සේවයේ පොලිස් නිලධාරී රසික කරුණාතිලක චෝදනා තුනකට වැරදිකරු බවට බදුල්ල මහාධිකරණය තීරණය කළේය.

පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම, පහරදී කැමැත්තෙන් තුවාල සිදුකිරීම, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරනීය තර්ජනය කිරීම සහ තුවාල සිදුකිරීම යන චෝදනා සම්බන්දයෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි, ඔහුගේ රියදුරා සහ ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකුට එරෙහිව බදුල්ල මහාධිකරනයේ පැවරූ නඩුවක් විභාග කළ බදුල්ල මහාධිකරණය අද (28) දින දඩුවම් නියම කිරීමට නියමිතය.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest