පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මරණීය තර්ජනය කර අයුතු අවහිරය, පහරදී, තුවාල සිදුකිරීම යන චෝදනා වලට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි වැරදිකරු බවට තීරණය කළේය.
ඒ අනුව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එක හමාරක සිරදඬුවමක් බදුල්ල මහාධිකරණය විසින් නියම කළේය.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි සහ ඔහුගේ රියදුරු බන්දුල රත්නායක යන විත්තිකරුවන් දෙදෙනා චෝදනා හතරකට වැරදිකරුවන් බවට බදුල්ල මහාධිකරණය පසුගියදා තීරණය කළේය.
2019 වසරේ පෙබරවාරි (10) වනදා හෝ ඒ ආසන්න දිනක බණ්ඩාරවෙල නගරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, ඔහුගේ ජීප් රථයට පොලිස් ජීප් රථයක් ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බව කියන බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේදී අනාවරණය විය.
මේ අතර අද (28) දින පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට දඩුවම් නියම කිරීම දැකබලා ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බදුල්ල මහාධිකරණයට පැමිණියේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල, දිලීප් වෙදආරච්චි, හෙක්ටර් අප්පුහාමි, සුජිත් සංජය පෙරේරා, හර්ෂණ රාජකරුණා බදුල්ල මහාධිකරණයට පැමිණියේය.

