Advertisements

එළියට ආව විතරයි.. චරිත්ගේ ආයෙත් ලීක්

රුපියල් කෝටි ගණනක මුදල් ගනුදෙනු, ජාත්‍යන්තර මට්ටමේ පාතාල සබඳතා සහ ප්‍රසිද්ධ දේශපාලඥයින්ගේ පුතුන් ගැන කරුණු රැසක් අනාවරණය වන දුරකථන සංවාදයක හඬපටයක් ගැන කතාබහට ලක්ව ඇත.

සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ හර්බි නැමැති පුද්ගලයා අතර මෙම සංවාදය සිදුව ඇති අතර එම හඬපටයට අනුව, රුපියල් ලක්ෂ 200ක මුදල් ගනුදෙනුවක් පිළිබඳව හර්බි නැමැත්තා කරුණු අනාවරණය කර ඇත.

විදේශගතව සිටින පාතාල කල්ලි සාමාජිකයන් බේරා ගැනීමට සිදුකර ඇති මැදිහත්වීම් සහ ඩුබායි, මැඩගස්කරයේදී අත්අඩංගුවට පත් ‘ලැට්ටා’ වෙනුවෙන් තමන් රුපියල් ලක්ෂ කෝටි 30කට අධික මුදලක් වැය කළ බව හර්බි නැමැත්තා චරිත් අබේසිංහ වෙත ප්‍රකාශ කරයි.

තවද හිටපු අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු වන රඛිත රාජපක්ෂ මෙම ගනුදෙනු වලට සම්බන්ධ බවත් ඔහු සහ තවත් පිරිසක් එක්ව සිදුකරන ඇතැම් ක්‍රියාවන් පිළිබඳව තමන් කලකිරීමෙන් පසුවන බවද හර්බි නැමැත්තා ප්‍රකාශ කරයි.

සංවාදය පුරාම දේශපාලන බලය සහ පාතාල සබඳතා භාවිත කරමින් සිදුකරන විවිධ ‘ඩීල්’ පිළිබඳව ඉඟි පළවන අතර නාමල්, රෝහිත, සාගල වැනි නම් මෙහිදී සඳහන් වේ.

‘මධූ’ නැමැති කාන්තාවකගේ මුදල් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර ඇය සතු රුපියල් ලක්ෂ 800ක මුදලක් පිළිබඳව සහ ඇය පත්ව ඇති අසීරුතාවය ගැන හර්බි කරුණු දක්වයි. 

තමන් මෙම ගනුදෙනුවලින් රුපියලක් හෝ බලාපොරොත්තු නොවන බවත් තමන්ට අවශ්‍ය වන්නේ තම හිතවතුන් වෙනුවෙන් පෙනී සිටීම පමණක් බවත් පොරොන්දු වු ලෙස වැඩකටයුතු සිදු නොවීම ගැන හර්බි නැමැත්තා චරිත්ට දොස් පවරයි.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැනි ඉහළ නිලධාරීන් ලවා මේ වැඩ ටික කරවගන්න ලොකු මුදලක් ලබාදෙන්න සිදුවන බව මෙතනදී චරිත් අබේසිංහ කරන ප්‍රකාශයකින් අසන්නට ලැබෙනවා.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest