චරිත් අබේසිංහ නැවතත් බන්ධනාගාරයට

සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ අද (28) දින නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇත.

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් සැකකාර චරිත් අබේසිංහ නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටාගෙන් අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (28) පෙරවරුවේ ඇප නියම කළේය. 

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි.

1 Comment
Most Voted
Newest Oldest