ළමා අපයෝජන දෙකක් සම්බන්ධයෙන් හිමිනමක් සහ මවුලවිවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
එම හිමිනමට සහ මවුලවිට අධාර අනුබල දුන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වයස අවුරුදු 14ක් වන දැරියක් බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර මැයි (08) වන දින මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් 21 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර, නැවත ජුනි (03) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම අපරාධයේ ප්‍රධාන සැකකරු වන 21 හැවිරිදි මවුලවිවරයා ප්‍රදේශයෙන් පලාගොස් සිට මැයි (20) වනදා නීතීඥවරයෙක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ජුනි (06) වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
දෙවන සිදුවීම වන වයස අවුරුදු 15ක දැරියක් ඥාතියෙකු වන 25 හැවිරිදි හිමිනමක් විසින් අපයෝජනය කර ඇති අතර අනතුරුව සිදුකළ විමර්ශනයකින් පසුව එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇත.
එම සිද්ධියට අධාර අනුබල ලබාදීම සම්බන්ධයෙන් 29 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිමිනම සහ කාන්තාව මැයි (21) වනදා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිමිනම ජුනි (01) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
කාන්තාව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.
