ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්ථාන A ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය A කණ්ඩායම සමග (15) පැවැති තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
මෙම තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර එම තරගයේ ජයග්‍රාහකයන් තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවිය.
තරගය අවසන් වී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමත් සමඟ ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි සහ ඔහුගේ සහායක ක්‍රීඩක සූර්යන්ශ් ෂෙඩ්ජ් යළි ක්‍රීඩාගාරය දෙසට ගමන් කරමින් සිටියදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු ඔවුන් දෙසට යම් ප්‍රකාශයක් සිදුකර ඇති බව වාර්තා වේ.
අනතුරුව ඒ හේතුවෙන් කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී ඇත.
කෙසේ වෙතත් එම නොසන්සුන්කාරී තත්ත්වය වඩාත් නරක අතට හැරීමට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වහා මැදිහත් වී එම ක්‍රීඩකයන්ව දෙපසට කර ගැටුම සමනය කිරීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් සුපිරි පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට පෙර සුපිරි පන්දුවාරය පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත වු අතර එහිදී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කළේය.
