දින ගණනාවකට පසු පළමු බොරතෙල් නෞකාව ලංකාවට⁣

ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගැටලුවක්ව තිබූ බොර තෙල් සැපයුමත් මේ වනවිට අවසන් වෙලා තියෙන බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

ඒ අනුව මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු පැමිණෙන පළමු බොරතෙල් රැගත් නෞකාව හෙට (17) දිනයේ මෙරටට ළඟා වීමට නියමිත බවද කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කරයි.

කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර සඳහන් කළේ,

“යුද තත්ත්වයෙන් පස්සේ ලංකාට එන බොර තෙල් නෞකාව ලංකාවට ලඟා වෙනවා මෙට්‍රික් ටොන් 97,500ක් සමඟ. ඒ වගේම තවත් නෞකාවක් මෙමස අග එන්න නියමිව තිබෙනවා.

එවගේම අමෙරිකාවේ සිට එන WTI නෞකාව, නැව්ගත කරමින් තිබෙනවා. අද දිනයේදී වගේ යාත්‍රා කිරීමට පටන්ගනියි ලංකාව බලා.

ඒ අනුව මෙතෙක් කල් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගැටලුවක්ව තිබූ බොර තෙල් සැපයුම තහවුරු කර ගැනීම ප්‍රශ්නයත් මේ වන විට අවසන් වෙලා තියෙනවා.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments