Advertisements

සමාජ මාධ්‍ය හරහා මට මඩ ගැහුවට මම සැලෙන්නේ නෑ

ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වන විවිධ මඩ ප්‍රහාර හා වීඩියෝ දර්ශනවල ඇතැම් කොටස් පමණක් සංස්කරණය කරමින් ප්‍රචාරය කිරීම් හමුවේ තමන් කිසිසේත්ම නොසැලෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

මීට මාස දෙකකට පෙර සිදුකළ ප්‍රකාශයන් වර්තමානයේදී ඇතැම් පාර්ශවයන් විසින් කපා කොටා වෙනස් කර සමාජ මාධ්‍යට මුදාහරින බවත් ඇතැම් යූටියුබ්කරුවන් සහ මඩ ප්‍රහාරකයින් මුළු සංවාදයම නොපෙන්වා ඉන් කොටස් පමණක් ගෙන ජනතාව නොමඟ යවන බවද මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

තමන් සැමවිටම පෙනී සිටින්නේ රටේ දූෂණය සහ හොරකම පිටුදැකීම වෙනුවෙන් බවත් දේශපාලන තීන්දු තීරණ ෆේස්බුක් මඟින් තීරණය කළ නොහැකි බවද මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව සඳහන් කරයි.

Advertisements
3 Comments
Most Voted
Newest Oldest