Advertisements

නගර 10ක් ජීවන නගර ලෙස සංවර්ධනය කරයි

පසුගිය අයවැය යෝජනාවකට අනුව නගර 10ක් ජීවන නගර ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ලබන ඔක්තොම්බර් මාසයේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ යටතේ යාපනය, වව්නියාව, මාතලේ, හැටන්, මඩකලපුව, හලාවත, තඹුත්තේගම, බදුල්ල, ඇහැළියගොඩ සහ මාතර යන නගර විධිමත් සංවර්ධනයකට ලක් කරන බව එම අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් දිසානායක සඳහන් කරයි.

රුපියල් මිලියන 1475ක් වැය කෙරෙන වැඩසටහන යටතේ එම නගර ආශ්‍රිතව ඒකාබද්ධ සංවර්ධන ව්‍යෘපතියක් ක්‍රියාත්මක කරන බවද අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් දිසානායක සඳහන් කරයි.

ජනතාවට අවශ්‍ය කරන සියලු මූලික පොදු පහසුකම් එම නගරවල ස්ථාපිත කිරීම මෙම වැඩපිලිවෙල යටතේ සිදු කෙරෙන බවද අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් දිසානායක සඳහන් කරයි.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest