Advertisements

දෙවිනුවර කාවඩි නර්තනයට අවසර

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා අවසර ලබාදී ඇත.

මාතර දිසාපති කාර්යාලයේ අද (27) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ මෙවර පෙරහැරේදී එම කණ්ඩායම් 45ට නර්තනයේ යෙදීමට අවසර ලබාදීමට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල තීරණය කර ඇත.

මෙම සාකච්ඡාව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න ඇතුළු පාර්ශ්ව වල සහභාගීත්වයෙන් පැවැත්විණ.

ඒ අනුව හෙට (28) දින පැවැත්වෙන පෙරහැරට පොලිස් විශේෂ කාර්යය බළකාය සහ පොලීසිය ආරක්ෂාව සඳහා යෙදවීමට තීරණය කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest