Advertisements

ඩුබායි අසිතගේ වත්කම් රැසක් තහනම් කරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙසින් සැලකෙන ‘ඩුබායි අසිතට’ නමැත්තාට අයත් බව පැවසෙන රන් පවුම් 105ක් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් කර ඇත.

තවද ඔහුට අයත් රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා වෑන් රථයක් හා රුපියල් ලක්ෂ 10ක මුදලක්ද තහනම් කිරීමට අධිකරණය කටයුතු කර ඇත.

එම මුදල් හා රන් භාණ්ඩ ‘ඩුබායි අසිත’ නමැත්තා සිය ඥාතීන්ගේ නම් වලින් මිලදී ගෙන තිබූ බව සිදුකළ මූලික විමර්ශන වලදී අනාවරණය කරගෙන ඇත.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධි වත්කම් විමර්ශන ඒකකය සිදුකළ කරුණු දැක්වීමකින් අනතුරුව මෙම නියෝගය ක්‍රියාත්මක කර ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest