පසුගිය 2008 වසරේ සිට පරිහරණය කළ නිල නිවස වෙනුවෙන් කිසිදු කුලී මුදලක්, ජල බිල්පතක්, විදුලි බිල්පතක් පොහොට්ටුවේ හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේ ගෙවා නැති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් පාර්ලිමේන්තුවේදී (04) සඳහන් කරයි.
එම මුදල් අයකර ගැනීම වෙනුවෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් උත්සාහ කර ඇතත් පොහොට්ටුවේ හිටපු ඇමති සුසන්ත පුංචිනිලමේ කිසිදු මුදලක් ගෙවා නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් සඳහන් කරයි.
එනිසා මේ සම්බන්ධයෙන් වන ලිපි ගොනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව වෙත භාරදෙන බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් සඳහන් කරයි.
තවද පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ප්‍රියන්ත පතිරණ ප්‍රේමකුමාරට පේදුරු කොටුව තුළ නිල නිවාසයක් ලබාදී තිබූ බවත් ඒ වෙනුවෙන් කුලී ගෙවීමක් කර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රන් සඳහන් කරයි.

