බස් ගාස්තු සංශෝධනය කරනු ලබන්නේ ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධන සමීකරණය අනුව බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
ඒ අනුව ඉන්ධන මිල ගණන් ඉහළ ගියද මේ අවස්ථාවේ බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
ඉන්ධන මිල වෙනස්වීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට නම් එම වෙනස 4%කට වැඩි මට්ටමක තිබිය යුතු බවද නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කරයි.
නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ,
“තෙල් මිල වැඩිවීමත් එක්ක බස් ගාස්තු වැඩිවීමක් වෙන්නේ නැහැ. බස් ගාස්තු වැඩි වෙන්නේ සමීකරණයට අනුවයි. ඒ අනුව 4%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉන්ධන මිල වෙනස් වුණොත් විතරයි බස් ගාස්තු සංශෝධනය කරන්නේ. මෙවර ඉන්ධන මිල වැඩිවීම එම සීමාව ඉක්මවා නැති නිසා බස් ගාස්තු වැඩි කිරීමක් සිදු වෙන්නේ නැහැ.”

