ලෝක වෙළෙඳපොලේ බොරතෙල් සහ පිහිරිපහදු කළ ඉන්ධන මිල ගණන් පහළ යාමේ වාසිය රටේ ජනතාවට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඒ අනුව මීළග ඉන්ධන මිල සංශෝධනය අනිද්දා දිනයේදී යෙදී ඇති අතර එහිදී ඉන්ධන මිලේ වාසිය ජනතාවට ලබාදෙන බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
කෙසේ වෙතත් අනිද්දා දින ලෝක වෙළදපොලේ පවතින ඉන්ධන මිල ගණන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙරට ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
මීළග ඉන්ධන මිල සංශෝධනයේදි ඉන්ධන මිල ගණන් ඉහළ දමනවාද.? අඩු කරනවාද.? යන්න පිළිබඳව මේ මොහොතේ නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.
ඉන්ධන මිල සංශෝධනය පිළිබඳ තීරණය මාසික මිල නියම කිරීමේ කාලසීමාව තුළ පවතින ජාත්‍යන්තර තෙල් මිල ගණන් මත පදනම්ව සිදු කිරීමට නියමිතව ඇත.

