ජනපති අනුර ධුරයෙන් සමුගත්තට පස්සේ නඩු දානවා

වත්මන් ජනාධිපතිවරයා ධුරයෙන් සමුගත්තට පස්සේ ඔහුට එරෙහිව නඩු දාන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල සඳහන් කළේ,

තවත් මාසෙකින් නඩු අහලා ඉවර වෙනවා කියලා ජනාධිපතිතුමා කියන්නේ කොහොමද. නඩුව අවසන් වෙන්න තවත් වැදගත් පියවර 4ක් සම්පුර්ණ විය යුතුව තිබෙනවා. නඩු තීන්දුව ලියන්න අඩුම ගණනේ මාසයක් යනවා.

මෙතරම් සංකීර්ණ කාලය වැයවෙන ක්‍රියාවලියක් මාසෙකින් අවසන් වෙනවා කියලා ජනාධිපතිතුමා හරියටම කියන්නේ කොහොමද. ඔය නඩුව මාසෙකින් අවසන් කළ යුතුයි කියලා ජනාධිපතිතුමා අධිකරණයට බලපෑම් කලාද, කියන සැකය ඇතිවෙනවා.

ජනාධිපතිතුමනි, අධිකරණය ගැන කතා කරන්නේ අතිශයින්ම ප්‍රවේශමෙන්. මොකද ඔබතුමාට දැන් මුක්තිය තිබුනත් අධිකරණයට අපහාස කිරීම පිළිබද ජනාධිපති ධුරයෙන් සමුගත්තාට පස්සේ ඔබතුමාට එරෙහිව නඩු දාන්න පුළුවන්.

ඔබතුමා ජනාධිපති ධුරයෙන් සමුගත්තට පස්සේ මේ කියන කතා වලට නම් නඩු වැටීමේ සම්භාවිතාව ඉතාම ඉහළ⁣යි. එනිසා ඔබතුමාට පැලවත්තේ දෙවියන්ගේ පිහිටයි කියලා තමයි කියන්න වෙන්නේ.”

2 Comments
Most Voted
Newest Oldest