ජනපති රනිල් සමඟ වේදිකාවට ගොඩවු ගයන්තට ප්‍රහාරයක්.!

ජනාධිපතිවරයා ඇතුළුව ආණ්ඩුව විවේචනය කරන අවස්ථාවක ජනාධිපතිවරයා සිටින වේදිකාවකට ගොඩවිම සමගි ජන බලවේග පක්ෂයට අවාසි සහගත බව සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ගයන්ත කරුණාතිලකට විරුද්ධව දෝෂාරෝපණ එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

සමගි ජන බලවේග පක්ෂයේ නායකත්වය හෑල්ලුවට ලක්කරමින් අදහස් දක්වන අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ වැඩසටහනකට සම්බන්ධ වීම ගැනත් ආරාධනයක් වුවද මේ අවස්ථාවේ ඊට සහභාගී නොවිය යුතුව තිබුණේ යැයිද සජබ මන්ත්‍රීවරුන් පිරිසක් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයාට දෝෂාරෝපණ එල්ල කර ඇති බවද වාර්තා වේ.

උරුමය වැඩසටහනේ පළමු අදියරට අදාළව නිදහස් ඔප්පු 10,000ක් ගොවි ජනතාව වෙත ප්‍රදානය කිරීමේ උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක එක්වී තිබීම සම්බන්ධයෙන් සජබ පක්ෂයේ මන්ත්‍රීවරුන් එලෙස දෝෂාරෝපණ එල්ල කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS