Advertisements

ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම අද (23) දින සිදුකිරීමට නියමිතව ඇත.

පසුගිය (09) වනදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ හතරවන දිනටත් සලකා බැලූ මෙම ‍‍පෙත්සම අද දිනය දක්වා කල්දැමුණි.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට එම පෙත්සම් විභාගය දැක බලාගැනීම සඳහා අභියාචනාධිකරණය හමුවට පැමිණ ඇත.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest