ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පෙනි සිට ඔන්ලයින් ක්රමයට යාපනය මහේස්ත්රාත් අධිකරණයට සාක්ෂි ලබා දීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (29) දින සිදු කිරීමට නියමිතය.
ඒ අනුව ලලිත් – කුගන් සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව අද (29) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ පෙනි සිට ඔන්ලයින් ක්රමයට යාපනය මහේස්ත්රාත් අධිකරණයට සාක්සි ලබා දෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබුණේය.
පසුගිය 2011 වසරේ දෙසැම්බර් මස (10) වැනිදා යාපනය ආවරංකාල් ප්රදේශයේදී ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන දෙදෙනා පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව විභාග වන අතර පසුගිය 2011 වසරේ ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළේ ගෝඨාභය රාජපක්ෂ.

