නවීන පොදු ප්‍රවාහනයේ නව යුගය අදින් ඇරඹේ

LIVE

මෙරටට අලුතින් ගෙන්වන ලද නව මෙට්‍රෝ බස් 104 අද (29) දින ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් දියත් කිරීමට නියමිතය.

ඒ අනුව නව මෙට්‍රෝ බස් 104 කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාතේ මාර්ග 7ක ධාවනය සදහා යෙදවීමට නියමිතය.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ සම්බන්ධ කරමින් ආරම්භ වන නව මෙට්‍රෝ බස් සේවාවේ මාර්ග 7 පහතින්..

  • CM01 – මකුඹුර සිට පිටකොටුව දක්වා
  • CM02 –අතුරුගිරිය (මිලේනියම් සිටි) සිට කොළඹ කොටුව දක්වා
  • CM03 – කඩවත සිට මකුඹුර දක්වා
  • CM04 – දෙමටගොඩ සිට පානදුර දක්වා
  • CM05 – බත්තරමුල්ල සිට ඒකල දක්වා
  • CM06 – කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
  • CM08 – කහතුඩුව සිට කොළඹ කොටුව දක්වා

බස් රථ කාලසටහන්, බස් නැවතුම් ස්ථාන ඇතුළු සියලුම ගමන් තොරතුරු LMT GO App එක හරහා පහසුවෙන් ලබාගත හැකිය.

ආරක්ෂිත, සුවපහසු සහ විශ්වාසදායක නාගරික ප්‍රවාහනයක් වෙනුවෙන් තබන මෙම සුවිශේෂී පියවර, මගී ජනතාවගේ දෛනික ගමනාගමනයට නව පහසුවක් එක් කරනු ඇත.

0 Comments
Most Voted
Newest Oldest