LIVE
බස්නාහිර පළාත උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනයකදී ගිනිඅවි 4ක් සමග 23 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග එම තරුණයා දෙමටගොඩ, සිරිධම්ම මාවතේදී අත්අඩංගුවට ගෙන ඇත.
මරණ දඬුවම නියමව සිටින දෙමටගොඩ චමින්දගේ පුතා වන මලීෂ නැමැත්තාට අදාළ ගිනිඅවි අයත් බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.

