LIVE
වැවක සඟවා තිබූ T-56 ගිනිඅවියක්, පතොරම් ගැබ් තුනක් සහ පතොරම් 84ක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
බුද්ධි තොරතුරකට අනුව වවුනියාව, සෙට්ටිකුලම ප්රදේශයේ නේරියකුලම වැවේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම ගිනිඅවිය සහ පතොරම් තොගය සොයාගෙන ඇත.
කිසියම් අපරාධයක් සිදුකළ පිරිසක් විසින් මෙම ගිනිඅවිය අදාළ ස්ථානයේ සඟවන්නට ඇති බවට සැක කරන අතර ගිනිඅවිය සහ පතොරම් තොගය වවුනියාව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

