බලය ඇති කාලේ රඟපු ශෂී වීරවංශට එරෙහි නඩුව

LIVE

අවිධිමත් ලෙස රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකරුවී සිරදඬුවම් නියම වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශට අදාළ නඩුකරය අද (29) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.

අදාළ නඩුකරය කැඳවු අවස්ථාවේදී සිරදඬුවම් නියම වී, මේ වනවිට ඇපමත මුදාහැර සිටින ශෂී වීරවංශ අධිකරණයේ පෙනී සිටියේය.

එම සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින්ද තහවුරු කර ඇති බවත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ වී ඇති අතර එම අභියාචනයට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ  කාර්ය සටහන් ඉදිරිපත් කර නොමැති අතර ඒවා ඉදිරිපත් කිරීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කල් ලබාදීම සිදු කළේය.

අනතුරුව ශෂී වීරවංශට අදාල නඩුකරය ඔක්තෝබර් මස (12) වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

0 Comments
Most Voted
Newest Oldest