ඉදිරි වසර 20න් රට ගොඩගන්න “හරිත පත්‍රිකාවක්” එජාපයෙන්

LIVE

එක්සත් ජාතික පක්ෂය ඉදිරි වසර 20ක කාලයක් සඳහා රට හරි මගට ගෙනයන සැලසුම් “හරිත පත්‍රිකාව” මගින් ඉදිරිපත් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට වසර 80ක් සපිරෙන අවස්ථාවේ අනාගත පරම්පරාවට මේ රට බාර දෙන්නේ කෙසේද, යන කාරණය මුල්කර ගනිමින් මෙම “හරිත පත්‍රිකාව” ඉදිරිපත් කර ඇති බවද වජිර අබේවර්ධන සඳහන් කරයි.

කොළඹ පක්ෂ කාර්යාලයේ (28) දින පැවැති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවේදී වජිර අබේවර්ධන මේ බව සඳහන් කරයි.

වජිර අබේවර්ධන තවදුරටත් සඳහන් කළේ,

“එක්සත් ජාතික පක්ෂයට වසර 80ක් පිරෙන වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ අනාගත පරම්පරාවට මේ රට බාර වෙන්නේ ‌කොහොමද කියන කටයුත්ත වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා පසුගිය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ කළා.

ඒ අනුව විශේෂයෙන්ම “හරිත පත්‍රිකාව” නැමැති ලියවිල්ල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසී භාෂා තුනෙන්ම මේ රටේ සියලු දේශපාලන පක්ෂ වලට මේ වනවිට ලබාදීම සිදුකරලා තිබෙනවා.

අපේ පක්ෂයේ වර්තමාන කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සිටින තරුණ තරුණියන් මේ පිළිබඳව විශේෂ අධ්‍යනයක් කරමින් තමයි වසර 20ක සැලැස්මක් සැලසුම් සහගතව ඉදිරිපත් කරමින් තිබෙන්නේ. මේ ගැන සමාජයේ විශාල සාකච්ඡාවකට ඇතුලත් වීමට නියමිතව තිබෙනවා.”

1 Comment
Most Voted
Newest Oldest