LIVE
ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන ඉදිරි මාස තුන සඳහා රුපියල් කෝටි 4100ක ඉන්ධන සහනාධාරයක් ලබාදීම සඳහා වන යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල ඉහළ යාම නිසා රටේ ජනතාවට දැරීමට සිදුවන බර අඩු කිරීමේ අරමුණින් මෙම සහනාධාර මුදල ලබාදීමට රජය තීරණය කළේය.

