Advertisements

බාහිර වැඩසටහන් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීම තහනම්

විවිධ පුද්ගලයින් සහ විවිධ සංවිධාන විසින් රජයේ නිල අනුමැතිය නොමැතිව ඉදිරිපත් කරන වැඩසටහන් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

තවද රජයක් වශයෙන් අතිවිශාල කැපකිරීමක් සිදුකරන්නේ රටේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් වන බැවින් දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පදනම්ව බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.

අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී ඊයේ (17) දින උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest