දීමනාව වැඩි කරන්න ඉල්ලා ග්‍රාම නිලධාරීන් හදිසියේම ලෙඩ වෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කර සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර ඇත.

ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු ලබන රුපියල් 600ක ගමන් වියදම් දීමනාව වසර 8ක් පුරාවට වැඩි නොකර ඇති බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ සඳහන් කරයි.

එය ලබා නොදීමට විරෝධය පළ කරමින් හෙට (10) සහ අනිද්දා (11) අසනීප නිවාඩු වාර්තා කරමින් සේවයට වාර්තා නොකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සභාපති නන්දන රණසිංහ සඳහන් කරයි.

අද (09) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මේ බව සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest