මින් ඉදිරියට දින දෙකයි.. සෙනසුරාදා රාජකාරිවලින් ඉවත් වෙයි

අද (15) දින සිට සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත්වීමට ග්‍රාම නිලදාරීන් තීරණය කළ බව එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කරයි.

ග්‍රාම නිලධාරීන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා විසඳුම් ලබාදීමට රජය අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න සඳහන් කළේ,

අපි තීරණය කරලා තියෙනවා සංගමයක් විදිහට අනෙකුත් සංගම්වලටත් අපි ආරාධනා කළා අද දින සිට සෙනසුරාදා කාර්යාල දිනවලින් ඉවත් වෙන්න. ඒ අනුව කිසිදු අමතර දීමනාවක් නොලබා අපේ නිවාඩු කැප කිරීමෙන් කරන ඒ කාර්යාල දිනය අපි ඉවත් කරනවා.

ඒ වගේම එදාට අපි ක්ෂේත්‍ර රාජකාරි කරන්නේ නෑ. ඒ අනුව සෙනසුරාදා කාර්යාල දිනය අපි වර්ජනය කරනවා. ඒ අනුව ග්‍රාම නිලධාරීන් මින් ඉදිරියට නැවත දැනුම්දෙනතුරු අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දින පමණයි වසමේ කාර්යාල තුළ රැඳී සිටින්නේ.”

5 Comments
Most Voted
Newest Oldest