හරක් කටාගේ මත්ද්‍රව්‍ය බෙදාහරින පොලිස් නිලධාරියා අත්අඩංගුවට.!

මත්කඩු ජාවාරමේ යෙදුණු පාතාලයේ ප්‍රබලයෙක් වන “හරක් කටාගේ” මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට සැකකරන පොලිස් කොස්තාපල්වරයකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට අනුයුක්ත මිරිහාන උප ඒකකයේ රාජකාරී කරන අයෙක් බව තොරතුරු වාර්තා වේ.

එම අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු සාන්කයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 74ක් සොයාගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලීසිය විසින් සිය භාරයට ගෙන ඇත.

සිරිකොත ගොඩනැගිල්ල ඉදිරිපිටදී මෝටර් රථයකින් යමින් සිටි එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 64ක් හමුවු අතර ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් හමුවු බවද පොලිසිය සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close