ආදිවාසීන් වෙනුවෙන් ගැසට් නිවේදනයක්

මෙරට පරිසර ආරක්ෂණය සහ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික අයිතිවාසිකම් තහවුරු කෙරෙන නව රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් අද (09) නිකුත් කිරීමට නියමිතව ඇත.

ජාතික උද්‍යාන සහ නම් කරන ලද ආරක්ෂිත ප්‍රදේශ තුළ ආදිවාසී ප්‍රජාවගේ සාම්ප්‍රදායික ක්‍රියාකාරකම් නියාමනය කිරීම සහ පාරිසරික පද්ධතීන් සුරක්ෂිත කිරීමේ අරමුණින් මෙම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

ආදීවාසීන් රක්ෂිත වලට ඇතුලුවීමේදී මතුවන ගැටලු අවම කිරීමේ රෙගුලාසි, ඊට ඇතුළත් වන අතර නව රෙගුලාසි සමග ආදීවාසී ජනතාවට මාදුරුඔය සහ ගල්ඔය ජාතික උද්‍යාන ආශ්‍රිතව සිය දෛනික ඇවතුම් පැවතුම් මෙන්ම, ජීවනෝපාය බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකිය.

මේ අතර ලෝක ආදිවාසී දිනය අද (09) දිනට යෙදී ඇති අතර ආදිවාසී සංස්කෘතියේ වෙනස්කම් පිළිබඳව තීරණ ගැනීමට, ආදිවාසී තරුණ තරුණියන් නියෝජිතයින් ලෙස හඳුනාගැනීම, මෙවර එහි තේමාව වේ.

ලොව පුරා රටවල් 90ක, ආදිවාසීන් මිලියන 476ක් සිටින බවට, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කර ඇත.

2 Comments
Most Voted
Newest Oldest