මෙරට කර්මාන්තවලින් 30% කට පමණ පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැති බවට හෙළි වී ඇත.
එවැනි ආයතන තවත් හඳුනාගැනීම සඳහා වැඩපිලිවෙලක් ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කරයි.
පරිසර බලපත්‍ර ලබාගෙන නොමැති කර්මාන්තකරුවන්ට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කරන බවද අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කරයි.
පරිසර බලපත්‍ර ලබා නොගෙන හා බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරන කාර්මාන්ත කරුවන්ට එරෙහිව නඩු 200කට අධික සංඛ්‍යාවක් මේ වනවිට පවරා ඇති බවද අධ්‍යක්ෂ ජෙනරාල් කපිල රාජපක්ෂ සඳහන් කරයි.

