ඉරානය වෙත එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාරයක් තමා තාවකාලිකව නතර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමක් සඳහා සාකච්ඡා කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
“හෙට දින ඉරානයට එල්ල කිරීමට නියමිතව තිබූ ප්‍රහාරය සිදු නොකරන බවට මම අමෙරිකානු හමුදාවට උපදෙස් දුන්නා. නමුත්, පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත්, ක්ෂණික දැනුම්දීමකින් ඉරානය වෙත පූර්ණ, මහා පරිමාණ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානමින් සිටින ලෙස ඔවුන්ට වැඩිදුරටත් නියෝග කර තිබෙනවා.”
