LIVE
ජපානයේ ඊසානදිග වෙරළ තීරයට ඔබ්බෙන් රික්ටර් මාපකයේ 7.4ක භූමිකම්පාවක් ඇති වූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරයි.
ඒ අනුව ඉවාට්, අමෝරි සහ හොක්කයිඩෝ ප්‍රාන්තවල මීටර් 3 (අඩි 9.84) ක් තරම් උස සුනාමියක් ඇති විය හැකි බවට මේ වනවිට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
භූමිකම්පාවේ කේන්ද්‍රය පැසිෆික් සාගරයේ සිදු වූ අතර එය කිලෝමීටර 10ක් ගැඹුරු බව වාර්තා වේ.
