Advertisements

ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් පෙරළෙයි

අද (25) පස්වරුවේ කහතුඩුව, දියගම මාර්ගයේ ඇඟලුම් සේවිකාවන් රැගෙන ගිය බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙල්යායකට පෙරළී අනතුරක් සිදුව ඇත.

ඉන් 19 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවත් ඒ අතරින් 17 දෙනෙකු හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

එක් අයෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලටත් සහ අනෙක් පුද්ගලයා වෑතර රෝහලටත් ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.

මාර්ගයේ පැමිණි වෙනත් වාහනයකට ඉඩ ලබාදීමට යාමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest