ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (12) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ පවත්වා ඇත.
එහිදී මරණ පරීක්ෂණ සාක්ෂි ලබාදීමට අද අධිකරණය හමුවේ කපිල චන්ද්‍රසේනගේ ඥාතීන් වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සාක්ෂිකරුවන් 8 දෙනෙකු පෙනී සිටියේය.
එහිදී කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක සාක්ෂි ලබාදෙමින් සඳහන් කළේ, මෙම මරණය පිළිබඳව සැකයක් නොමැති බවයි.
*කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සහෝදරිය වන ප්‍රියංගි අනුෂ්කා විජේනායක සඳහන් කළේ,
“මම පාන්දර 4.00ට විතර ඇහැරුනා. ඊට පස්සේ මට හස්බන්ඩ් කොල් කරලා කිව්වා ලොයර් ඇවිත් ඉන්නේ තේ එකක් හදලා දෙන්න කපිලට මම කොල් දෙකක් ගත්තා ආනසර් කලේ නෑ කියලා.
ඊට පස්සේ මම ලොයර් හම්බෙන්න ගියා. ඊට පස්සේ අපි දෙන්නම කපිල හිටිය කාමරේට ගිහින් කපිලට කතා කළා. කපිල රෙස්පොන්ස් කලේ නෑ. ඊට පස්සේ ගෙදර හැම දොරක්ම අරින්න පුළුවන් මාස්ට කී එක අරන් මම ලොයර් එක්කම ඩෝ එක ඕපන් කළා.
මම කාමරේ ඇතුලට එක අඩියයි තිබ්බේ. ලොයර් කාමරේ ඇතුලට ගිහින් ඇවිත් කිව්වා කපිලට අසනීපයි වගේ ඇම්බියුලන්ස් එකක් ගෙන්වන්න කියලා.
ඊට පස්සේ ඩර්ඩන්ස් හොස්පිට්ල් එකෙන් ඇම්බියුලන්ස් එකත් එක්ක ලේඩි ඩොක්ට කෙනෙක් ආවා. එයා ඇවිත් කිව්වා කපිල නැති වෙලා කියලා. මට මේ මරණය ගැන සැකයක් නෑ. එයා කලින් දවසේ රෑ ස්ට්‍රෙස් එකේ හිටියා කියලා මට තේරුණා.”
*හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා සඳහන් කළේ,
“ඇතුලට ආයේ යන්න දැඩි අකමැත්තක් තිබ්බා කියලා තේරුණා. පහුවදා උදේ හතයි ගාණකට ලෝයර් ගෙදරට කොල් ගන්න කොට මට ඇහරුණා. මම ඊට පස්සේ කපිලට කොල් දෙකක් ගත්තා රෙස්පොන්ස් කලේ නෑ.
දොරට කිහිප වතාවක් තට්ටු කලා. ඊලඟට එහා කාමරේ බාත් රූම් එක පැත්තේ දොරෙන් තට්ටු කරලා කතා කළා. ඒත් කපිල රෙස්පෙන්ස් කලේ නෑ. මම ලෝයට ඊට පස්සේ කිව්වා කපිල රෙඩි වෙනවා ඇති කියලා. ඊට පස්සේ මම ඔෆිස් යන්න ලෑස්ති වෙන්න ගියා. මම වෆිෆ්ට කිව්වා ඉක්මනට කපිලට කතා කරලා ලෑස්ති කර ගන්න කියලා.
ඊට පස්සේ වයිෆ් ලෝයර් එක්ක ගිහිලත් කතා කරලා. කපිල රෙස්පොන්ස් කරේ නැති නිසා මාස්ටර් කී එකෙන් කපිලගේ කාමරේ දොර ඇරලා. ලොයර් වයිෆ් තමා මුලින්ම දැක්කේ.”
වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන (14) වනදා දක්වා කල් තබා ඇත.
