ලබන සැප්තැම්බර් මස සිට ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ලබන සැප්තැම්බර් මස (05) වනදා සිට සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි විශේෂ ජනරැලි මාලාවක් පැවැත්වීමට නියමිත බවද අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,
“ජී.එල් පීරිස්ගේ ගෙදර රෑට රෑට කුමන්ත්‍රණ කරගෙන ඉන්නේ නැතුව පාරට බැහැලා කරන්න කියන්න පුළුවන් නම්. ජනහමු තියන්න කියන්න ජනතා ඒකරාශී කරගෙන. එහෙම නැතිව ගෝඨාභයට වඩා එකක් තියෙනවා. රනිල් වික්‍රමසිංහට වඩා එකක් තියෙනවා,
අරහෙට වඩා එකක් තියෙනවා. මෙහෙට එකක් තියෙනවා. ඒවා වැඩක් නැහැ. වචන වැඩක් නැහැ. අපි ජාතික ජන බලවේගය ලෙස අපි ගම් මට්ටමෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් කොට්ඨාස සභා ප්‍රතිසංවිධානය කරගෙන යනවා.
මේ සැප්තැම්බර් (05) වැනිදා ඉඳන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශාල ජන රැළි පැවැත්වෙන දිස්ත්‍රික්කවල. අපි කියන්නේ එහෙම ආණ්ඩුවට එරෙහි ජනමතයක් තියෙනවා නම් ඒක ඔප්පු කරලා පෙන්වන්න.
එච්චරයි කරන්න තියෙන්නේ, අපි විපක්ෂයේ හිටිය කාලයේ කරපු වැඩපිළිවෙලවත් පොඩ්ඩක් බලන්න කියන්නකෝ.”
කළුතර ප්‍රදේශයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සඳහන් කරයි.
