නිවසක නාන කාමරය තුළ තිබී නරක් වූ පිරිමි මළ සිරුරක් සොයාගත් බව පොලීසිය සඳහන් කරයි.
ගාල්ල, කරාපිටිය – මාඉටිපේ ප්‍රදේශයේ පිහිටි නිවසක නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ එම නිවසේ තනිව පදිංචිව සිටි 58 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.
එම නිවසින් දැඩි දුර්ගන්ධයක් හමන බවට අසල නිවසක නවාතැන්ගෙන සිටි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් කරාපිටිය පොලිස් මුරපොල වෙත දැනුම් දී ඇත.
අනතුරුව පොලීසිය අදාළ නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී නාන කාමරය තුළ තිබී මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගාල්ල ජාතික රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇත.

