කෙහෙළිය අත්අඩංගුවට ගනී

අද (18) දින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට අද (18) පෙරවරුවේ එම කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව කෙහෙළිය රඹුක්වැල්ල මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

රූපවාහිනි සංස්ථාවට අනුබද්ධ කාර්ය මණ්ඩලය ඉක්මවා සේවකයන් 6 දෙනෙකු බඳවා ගැනීමෙන් රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් කෙහෙළිය රඹුක්වැල්ලට චෝදනා එල්ල වී ඇත.

0 Comments
Most Voted
Newest Oldest