ලැබුණු අවසරය කෙහෙළිය ප්‍රතික්ෂේප කරයි.!

කෙහෙළිය රඹුක්වැල්ලට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමකට අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන අවසරය ලබාදී ඇත.

එහෙත් පාර්ලිමේන්තු විවෘත කිරීමේ සැසිවාරය සදහා අද (07) දින සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ලට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වා රජයේ රෝහල්වලට බෙදාහැරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාරගත කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close
RSS