ජනපති වෙනස් වුණත් මම ආයේ ඡන්දෙ ඉල්ලන්නේ නෑ

මින් ඉදිරියට තමන් මහනුවර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයකට ඡන්දය ඉල්ලීමේ බලාපොරොත්තුවක් නොමැති බව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

රටට සේවය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය නොවන බවත් පසුගිය මහ මැතිවරණයට තරඟ කළේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම නිසා මිස තම කැමැත්තකට නොවන බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

ඡන්දය ඉල්ලන්නේ නැති වුවද දේශපාලනයේ නිරත වෙමින් අඛන්ඩව රටට වැඩ කරන බවත් තමන් කිසිම දිනෙක පක්ෂය අතහැර යන්නේ නැති බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

ආණ්ඩුව බලයට පැමිණියේ ජන අරගලයකින් පසුව වෙනස් වූ ජනතාවක් සමඟ පැවැත්වූ මැතිවරණයකින් බවත් එලෙස පත්වූ ආණ්ඩුව පහසුවෙන් පෙරළා දැමිය නොහැකි බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව දිගටම රට කරවනු ඇති බවත් ජනාධිපතිවරයා වෙනස් වුවද ආණ්ඩුව වෙනස් නොවන බවද අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කරයි.

අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත සඳහන් කළේ,

ආණ්ඩුවක් දිගටම තියෙනවා කියන එකයි, පුද්ගලයෙක් දිගටම ඉන්නවා කියන එකයි දෙකක්. පුද්ගලයෝ අපි යනවා. මමනම් ආයේ මහනුවරින් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ. මේ පාරත් බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම ඡන්දය ඉල්ලුවේ. වැඩ කරනවා. දේශපාලනය කරනවා.”

මහනුවර මහනගර සභා ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මේ බව සඳහන් කරයි.

3 Comments
Most Voted
Newest Oldest