මහර බන්ධනාගාර පරිශ්‍රයේ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
බන්ධනාගාරයේ එක් කෙළවරකින් රැදවියන් පළායෑමේ අවධානමක් හේතුවෙන් එම ස්ථානයට නාවික හමුදා සහ යුද හමුදා භටපිරිස් රැසක් කැඳවා තිබුණේය.
එහිදී භටපිරිසට රැඳවියන් විසින් ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාරය පිටත සිට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර තුනක් එල්ල කර ඇත.
බන්ධනාගාරය තුළින් “වෙඩි හඬ” වැනි ශබ්ද ඇසුණු බව වාර්තා වන අතර සන්නද්ධ හමුදා සාමාජිකයින් මෙන්ම යුද්ධ හමුදාවට අයත් සන්නද්ධ වාහන තුනක් මේ වනවිට බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) සාමාජිකයින් ද බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇති අතර බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත.

