Advertisements

මහර බන්ධනාගාර ගැටුම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්

මහර බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ පුද්ගලයින් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත් බන්ධනාගාරයට අවශ්‍ය STF සහ පොලිස් සහාය ලබාදී තිබෙන බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

මේ වෙලාවේ තත්ත්වය පාලනය කරමින් පවතිනවා. ඔබ දන්නා පරිදි එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. තව හය දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

ඔවුන් දැන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා. මේ වෙලාව වෙනකොට එතැනට මම සාකච්ඡා කර තිබෙනවා අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සමග.

එතැනට අවශ්‍ය STF, පොලිස් සියලුම සහාය දීලා තියෙනවා. ගිනි තැබීමක් වෙලා තියෙනවා. දැන් ඒකත් සමනයකට ගේනවා. ඇතුලේ තත්ත්වය සමනය කරමින් මේ මොහොතේ කට්ටිය කටයුතු කරනවා.”

Advertisements
1 Comment
Most Voted
Newest Oldest