මහර බන්ධනාගාරයේ සිදුවීමට සම්බන්ධ බවට සැක කරන රැඳවියන් 104 දෙනෙකු බන්ධනාගාර 7ක් වෙත මාරුකර යවා ඇති බව මහර බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.
ඒ අනුව දුම්බර, වැලිකඩ, බූස්ස, කලුතර, බදුල්ල, මඩකලපුව හා පොළොන්නරුව යන බන්ධනාගාර වෙත මෙම රැඳවියන් මාරුකර යැවූ බවද බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.
එම රැඳවියන්ගේ නම් ඇතුළත් ලේඛනය සහ රෝහල්ගත කළ රැඳවියන්ගේ නම් ලේඛනය මහර බන්ධනාගාරයේ මාර්ග බාධකය අසල ප්‍රදර්ශනය කර ඇති බවද බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.
බන්ධනාගාර අලුත්වැඩියා කටයුතු හේතුවෙන් රැඳවියන් සඳහා අමුත්තන් පෙන්වීම සඳුදා සහ අඟහරුවාදා දින දෙකෙන් පසුව ආරම්භ කෙරෙන බවද බන්ධනාගාර අධිකාරී රෝහණ ගලප්පත්ති සඳහන් කරයි.

