එක්සත් ජාතික පක්ෂ නිවේදනයේ විකෘති අදහසක්

බන්ධනාගාර නියෝග විකෘති කරමින් ජනතාව නොමග යවන ආකාරයට එක්සත් ජාතික පක්ෂය (UNP) විසින් නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර විසින් අද (15) පිළිතුරු ලිපියක් යොමුකර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නිවේදනයේ හිතාමාතා බන්ධනාගාර නිත්‍ය නියෝග අංක 550 එක් කොටසක් පමණක් උපුටා දක්වමින් මහජනතාව⁣ නොමග යවන සුළු විකෘති අදහසක් ඉදිරිපත් කිරීම පිළිබඳව කණගාටුදායක බව අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

සිර දඬුවම් විඳින භික්ෂූන් වහන්සේ නමකට අදාළ කරුණක් වැනි සමාජයට සංවේදී කරුණක් අරභයා මෙවැනි විකෘති සහගත අදහසක් සමාජගත කිරීමට වගකීම් සහගත දේශපාලන පක්ෂයක් කටයුතු කිරීම කනගාටුදායක තත්වයක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

නීතිමය විධි විධානයක එක් කොටසක් පමණක් පදනම් කර ගනිමින් කරුණු ඉදිරිපත් කිරීම තුළ වැරදි හෝ අසම්පූර්ණ අවබෝධයක් ඇති විය හැකි බව නීතිය පිළිබඳ අවම හෝ අවබෝධයක් සහිත අයෙකුට අවබෝධ විය යුතු කරුණක් බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

0 Comments
Most Voted
Newest Oldest