Advertisements

ජනතාවට නැතත් අපිට නම් අවුරුදු ජයයි.. මැයි දිනයට සිල් ගන්නවා

ජීවන වියදම වැඩි නිසා රටේ ජනතාව අවුරුදු සැමරුවේ නැති බවත් මෙවර අලුත් අවුරුද්ද අපිට නම් ජයයි, බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

අලුත් අවුරුද්දේ බලය ලබාගැනීම සඳහා ලොකු සැලැස්මක් ඇති බවත් දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවද මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

මෙවර මැයි දිනය පොහොය දිනට යෙදී ඇති බැවින් තම පක්ෂය මැයි දිනය සැමරීමක් සිදුනොකර ආගමික කටයුතුවල නිරත වන බවද මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

අවුරුද්දෙන් පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු අද (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

Advertisements
Advertisements
9 Comments
Most Voted
Newest Oldest