මේ රටේ තිබෙන තනතුරු වලින් වැඩියෙන්ම බැනුම් අහන තනතුර ජනාධිපති තනතුර බවත් කවුරු ජනාධිපති වුණත් එලෙස බැනුම් ඇසීමට සිදුවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේ,
“බුදු බණ ඇසුවා නිරන්තරේ.. අපි තවමත් වනන්තරේ..”
“අපි පන්සල් යනවා. මල් පූජා කරනවා. සිල් ගන්නවා. ඒ ඒ, හැබැයි රටේ ජනගහනය 20%ක් විතර ඉන්නවා ඒ වගේ සිල්වත් අය. එතකොට පන්සිල් රකින අය ඉන්නවා. නමුත් සමාජය ගත්තාම බහුතරයක් කොච්චර බණ ඇහුවත් ඒගොල්ලන් වෙන පැත්තකට තමයි ගිහිල්ලා තිබෙන්නේ.“
“මේ රටේ තිබෙන තනතුරු වලින් වැඩියෙන්ම බැනුම් අහන්න තියෙන තනතුර තමයි ජනාධිපති තනතුර. ඉතින් එත් අපි හොදට හිනාවෙලා මිනිස්සු එක්ක කතාබහ කරලා ඉන්නවා. ඉතින් ඒක කවුරු ජනාධිපති වුණත් ඒ විදිහට තමයි.
මොකද දෙකෝටි තිස් ලක්ෂයක් විතර දැන් පැනලා තියෙනවා. ඒක නිසා එක එක්කෙනා, විද්වතුන් ඉන්නවා, නොයෙක් නොයෙක් මට්ටමේ අධ්‍යාපන මට්ටම් වල අය ඉන්නවා. බොහෝ වෙලාවට මේ තිබෙන ප්‍රශ්න තුළ අපි තේරුම් ගන්න ඕන දැන්, බුදුන් වහන්සේ තමයි වැඩියෙන්ම නින්දා අපහාස වින්දේ.
මේක තමයි අපිට, රටට වෙලා තියෙන්නේ. මේ සංවර්ධනය ගැන කතා කරපුවාම කියන්න ඕන මම අවුරුදු 35ක් තමුන්නාන්සේලා මාව පාර්ලිමේන්තුවට ඇරියා එකදිගටම පරද්දන් නැතුව. මම අපරාජිත දේශපාලඥයෙක්. තමුන්නාන්සේලාට පිං සිද්ධ වෙන්න.“
පෝය දින වැඩසටහනකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කරයි.

